අම්පාරට සමෘද්ධි

රටතොට

පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් පිරිනැමේ.

අදාල ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 30 වැනි දා දින අම්පාරේ දී පැවැත්විණි.

උත්සවයට ප්‍රථම අම්පාර නගරයේ ආර්ථික මධ්‍යස්ථානය හා මහජන පොළ නවීකරණය සඳහා මුල්ගල් තැබීමට ද අගමැතිවරයා එක් විය.

සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සංවිධාන කළ සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.අයි.එම්. මන්සූර්, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මොහොමඩ් ඉස්මයිල් යන මහත්ම මහත්මීන් ද ප්‍රධාන දේශපාලනඥයින්, ආරක්‍ෂක ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/31/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%98%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *