නීතිවිරෝධී ධීවරයින් අත්අඩංගුවට

හමුදා තොරතුරු

වලංගු බලපත් නොමැති ව මසුන් ඇල්ලූ 04 දෙනෙකු නාවුක හමුදා භාරයට පත්වෙති.

සැප්තැම්බර් 09 වැනි දා මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට පත් ව ඇත.

උතුරු නාවුක විධානය විසින් මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර දි සැක කටයුතු ධීවර යාත්‍රා 02 ක් නිරික්‍ෂණය කර අදාල පරික්‍ෂාවට සිදු කර ඇති අතර, ධීවර කාර්මාන්තයේ නියැලිමට අවශ්‍ය වලංගු ධීවර අවසරපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැකකරුවන් සිය භාරයට ගත් බව නාවුක හමුදාව කියයි.

ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සමග වයස අවුරුදු 20, 22, 26 සහ 34 වන වියෙහි පසුවන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් අත්අඩංගුවට පත් ව ඇත. සැකකරුවන් සහ ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහාකර ධීවර අධ්‍යක්‍ෂවරයා වෙත භාර කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/09/10/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%93-%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *