සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට..

රටතොට

සිරකරු කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පැළඳ වේ.

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, වාර්ෂික ව සැප්තැම්බර් 12 වැනි දාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමී ව සිරකරු කොඩි සතිය ක්‍රියාත්මකයි.

කොඩි පැළඳවිම 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක් ව සංවිධාන කරන එමගින් ලැබෙන අරමුදල් මඟින් සිරකරුවන්උ‍දෙසා වෛද්‍ය සායන පැවැත්වීම, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර රැසක් දියත් කෙරේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ උප සභාපති ආර්.ඒ.ඩී. සිරිසේන ප්‍රථම කොඩිය ජනාධිපතිවරයා පැළඳ වූ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පියසිරි විජයනාත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/09/10/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%94%e0%b6%b6%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a9%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *