සාපෙල සිසු හැඳුනුම්පත් සඳහා විශේෂයක්

උණුසුම්

වසර 2019 අ.පො.ස. සාමාන්‍ය පෙල පරීක්ෂණය සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂිත දුරකතන අංකයක් හඳුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අදාල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය ජාතික හැඳුනුම්පත් මේ වනවිට නොලැබී හෝ වෙනත් ගැටළු පවතින සිසුන් වෙනුවෙන් එම තීරණයට එළඹි බව එම කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව 0115 226115 දුරකතන අංකය ඇමතීමෙන් අදාල ගැටළු පිළිබඳ විමසිය හැකි වේ.

කෙසේවෙතත් දෙපාර්තමේන්තුව ලබා දුන් උපදෙස් අනුව පුරවා එවූ අයදුම්පත්වලට අදාල ජාතික හැඳුනුම්පත් මේ වනවිට තැපැල් මගින් අදාල අයදුම්කරුවන් වෙත යවා ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/10/10/%e0%b7%83%e0%b7%8f%e0%b6%b4%e0%b7%99%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *