විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂික ව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව පිරිනැමීමට 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් හා අ.පො.ස (උසස් පෙළ) සමත් දරුවන් තවදුරටත් දිරිගැන්වීම සඳහා මුල්‍යමය ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් පිරිනමනු ලබයි. මේ පිළිබඳ වැඩි විස්තර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශීය රොබෝ තාක්ෂණය වර්ධනයට පිියවර

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අඩුපාඩු සකස් කර දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඍජු ව මැදිහත් වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල කියයි. වත්මන් රජය යටතේ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර ඇති මෙම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා – “දැනට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්…

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගයෙන් අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගත හැකි සේවාවක් ආරම්භ කරයි. එය 2020 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කර ඇත. ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවා ලබාගැනීමට බලාපොරොත්තු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීනයේ වෙසෙන ලාංකිකයින් මෙරට ගෙන්වා ගැනීමට පියවර

චීනයේ වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු ලංකාවට ගෙන්වාගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇතත්, චීන බලධාරීන් විසින් කිසිදු පුද්ගලයෙකු අදාල ස්ථානවලින් ඉවත් කිරීමට ඉඩ ලබා දී නොමැති බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 28 වැනි දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිණි. තත්ත්වය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

MCC ගැන ජනතා අදහස්වලටත් ඉඩ

රටතුළ පවතින වත්මන් තත්ත්වය හා රජයේ සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ. තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් 28 වැනි දා, කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී එම තොරතුරු ඉදිරිපත් කෙරිණ. 01. කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්ත වීම වැළැක්වීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවෙන් පළමුවරට හමු වූ කොරෝනා වෛරසය ආසාදිත චීන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාකිස්ථානු නාවුක මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදා මූලස්ථානයේ

පාකිස්ථානු නාවුක මාණඩලික ප‍්‍රධානි අද්මිරාල් සෆාර් මහමුද් අබිබාසි, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වේ. ඔහු ජනවාරි මස 28 වැනි දා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවිය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබිරෝයි විසින් ඔහු පිළිගත් අතර පාකිස්ථානු නාවුක මාණඩලික ප‍්‍රධානියා වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අසීරු සටනක ජය ෆෙඩරර්ට

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අවසන් පූර්ව තරගයේ දී තියුණු සටනකට මුහුණදුන් රොජර් ෆෙඩරර් ජයග්‍රහණය ලබයි. එම ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ෆෙඩරර් සමත් වූ අතර අමෙරිකාවේ ටෙනීස් සැන්ඩ්ග්‍රන් සමඟ තරගය පැවැත්විණි. වට 05 ක් දක්වා පැවති එම තරගයේ පළමු වටය 6-3 ක් වශයෙන් ෆෙඩරර් ජයගත් අතර දෙවැනි වටය 2-6 ක් වශයෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අයි.පී.එල්. මාර්තු 29 ඇරඹෙයි.

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වැනි දා ආරම්භ කරන බව එම සංවිධායකයෝ පවසති. ලෝකයේ උණුසුම්ම විස්සයි විස්ස තරගාවලිය වන මෙම තරගාවලිය මෙවර සංවිධානය කරන්නේ 13 වැනි වරටයි. අවසන් මහා තරගය මැයි 24 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. රාත්‍රී තරග කිසිවක් පවත්වන වේලාව වෙනස් නොකරන බවත් ඒවා සුපුරුදු ලෙස රාත්‍රී 8 ට ආරම්භ කරන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හඳුන්නෙත්ති ජනපතිට ලියයි.

මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත 27 වැනි දා ලිපියක් යොමු කරමින් හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඒ බව සඳහන් කර ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාකිස්ථානු නාවුක ප්‍රධානියා හමුදා මූලස්ථානයේ

පාකිස්ථානු නාවුක මාණ්ඩලික ප්‍රධානී සෆර් මහමුද් අබ්බාසි, එන්.අයි (එම්) ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණේ. එහි දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල ව ඔහු පිළිගන්නා ලද්දේෙ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් නිලධාරීන් විසිනි. පාකිස්ථානු නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට පිවිසීමෙන් අනතුරුව මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා ඔහු පිළිගෙන, හමුදා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න