ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ හිටපු ක්රීඩක කොබේ බ්රයන්ට් ජනවාරි 26 වැනි දා අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්රාන්තයේ කාලිෆ් හි කැලබාසස් හි සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මරණය පත්විය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ එය ඉරිදා සිදුවූ ගුවන් අනතුරක් බවයි.
කෙසේ නමුත් අනතුරින් කොබේ සහ ඔහුගේ දියණිය ද මරුමුවට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ පුද්ගලයන් 09 දෙනෙකු ගමන් ගනිමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා අනතුරින් මියගොස් ඇතැයි සඳහන් ය.
අදාල හෙලිකොප්ටර් යානයේ මගීන් කීපදෙනෙක් රැගෙන යාමට අවසර තිබුණේද යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනට නිවේදනය කළ නොහැකි බව එරට ගුවන් ගමන් අධිකාරිය ප්රකාශ කර ඇත.
මෙම අනතුර හේතුවෙන් බේස්බෝල් පුහුණුකරුවකු වන ජෝන් ඇල්ටෝබෙලි හා ඔහුගේ බිරිය හා දියණිය ද වන බව වාර්තා වේ.