දියේ ගිලුනු දේහයක් ගොඩබිමට

ප්‍රදේශීය

ගන්දර මුහුදු තීරයේ දී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මෘතදේහය සොයා ගැනේ.

2020 ජනවාරි 26 වැනි දා ගන්දර මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු ගිලී අතුරුදහන් වී ඇති බවට ගන්දර, පොලිසිය මඟින් කළ දැනුම්දීමකට අනුව නාවුක හමුදාවේ දකුණු නාවුක විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් වහා අදාල ස්ථානය වෙත යොමු කළ බව නාවුක හමුදාව කියයි.

ඒ වනවිට මුහුද ඉතා රළු ස්වාභාවයක් ගෙන තිබූ අතර, නාවුක හමුදා කිමිදුම්කරුවන් මහත් පරිශ්‍රමයක් මෘතදේහය ගොඩබිමට රැගෙන ආ හ.

මෙසේ දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ අවුරුදු 21 ක් වන මාතර කැකණදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ගන්දර පොලීසිය වෙත භාර දී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/01/27/%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%84%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%b6%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *