අයි.පී.එල්. මාර්තු 29 ඇරඹෙයි.

ක්‍රීඩා

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වැනි දා ආරම්භ කරන බව එම සංවිධායකයෝ පවසති.

ලෝකයේ උණුසුම්ම විස්සයි විස්ස තරගාවලිය වන මෙම තරගාවලිය මෙවර සංවිධානය කරන්නේ 13 වැනි වරටයි.

අවසන් මහා තරගය මැයි 24 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රාත්‍රී තරග කිසිවක් පවත්වන වේලාව වෙනස් නොකරන බවත් ඒවා සුපුරුදු ලෙස රාත්‍රී 8 ට ආරම්භ කරන බවත් සංවිධායකයෝ නිවේදනය කරති.

මීට පෙර එය පස්වරු 7.30ට ආරම්භ කරන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් ව තිබිණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/01/28/%e0%b6%85%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%93-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-29-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%99%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *