අසීරු සටනක ජය ෆෙඩරර්ට

ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අවසන් පූර්ව තරගයේ දී තියුණු සටනකට මුහුණදුන් රොජර් ෆෙඩරර් ජයග්‍රහණය ලබයි.

එම ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ෆෙඩරර් සමත් වූ අතර අමෙරිකාවේ ටෙනීස් සැන්ඩ්ග්‍රන් සමඟ තරගය පැවැත්විණි.

වට 05 ක් දක්වා පැවති එම තරගයේ පළමු වටය 6-3 ක් වශයෙන් ෆෙඩරර් ජයගත් අතර දෙවැනි වටය 2-6 ක් වශයෙන් ඔහු පරාජය විය. තෙවැනි වටයේ ජය යළි සැන්ග්‍රන්ට හිමිවූයේ 6-2 ක් වශයෙනි. සිව්වැනි වට වැඩි වේලාවක් පැවතිය ද, අවසානයේ 7-6 ක් වශයෙන් ජය ගැනීමට ෆෙඩරර් සමත්විය.

තීරණාත්මක පස්වැනි වටයේදී ද ස්වකීය අත්දැකීම් ප්‍රයෝජනයට ගත් ඔහු එහි දී අමෙරිකානු ක්‍රීඩකයා 6-3 ක් වශයෙන් අභිබැවී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/01/28/%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b6%9a-%e0%b6%a2%e0%b6%ba-%e0%b7%86%e0%b7%99%e0%b6%a9%e0%b6%bb%e0%b6%bb%e0%b7%8a%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *