විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව

රටතොට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂික ව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව පිරිනැමීමට 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් හා අ.පො.ස (උසස් පෙළ) සමත් දරුවන් තවදුරටත් දිරිගැන්වීම සඳහා මුල්‍යමය ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් පිරිනමනු ලබයි.

මේ පිළිබඳ වැඩි විස්තර හා අයදුම්පත www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර, අයදුම්පත් යොමුකළ යුතු අවසන් දිනය 2020.04.30 වේ.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් 1996 වර්ෂයේ දී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, මේ දක්වා වාර්ෂික ව දරුවන් 44832 දෙනෙකු සඳහා රු. 897,425,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/01/28/%e0%b7%80%e0%b7%92%e0%b6%9c%e0%b6%b8%e0%b6%ab%e0%b7%92%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%96/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *