කුවේට් ගිය කතුන් 55 ක් දිවයිනට

රටතොට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නොයෙක් විපතට පත් කාන්තා ශ්‍රමිකයින් 55 දෙනෙකු දිවයිනට පැමිණෙති.

ඔවුන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පෙබරවාරි 04 වැනි දා උදෑසන 6.15ට UL 230 දරන ගුවන් යානයෙන් මව්බිමට ළඟා වූ හ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම කාන්තාවන් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ විවිධ කරදර, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්ව හේතුවෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කර තිබේ.

ඉන් 28 දෙනෙකු සුබසාධන පහසුකම් හා අවශ්‍ය උපදේශන අපේක්ෂාවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුව වෙත යොමු වූ අතර, 13 දෙනෙකු කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය වෙතින් ගමන් වියදම් හා ආහාරපාන ලබ‍ා සිය නිවෙස් බලා පිටත් වූ හ.

සෙසු පිරිස සිය නෑදෑ හිතවතුන් සමග නිවෙස් කරා පිටත් ව තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/04/%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-55-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *