අධ්‍යාපනයේ උන්නතියට පින්ලන්ත සහාය

අධ්‍යාපන

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට පින්ලන්තය ප්‍රතිඥා දේ.

දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට එහි දී එකඟතාව පළ කෙරිණි.

ඒ, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් අතර 05 වැනි දා ශ්‍රී ජයවර්ධණපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ හමුවක දී ය.

ඊට අමතර ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනයට අදාල වැඩසටහන් දෙරට අතර ක්‍රියාවට නැංවීම, පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අත්දැකීම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගුරු – විදුහල්පති සහ සිසුදරුවන් අතර සහයෝගිතා හුවමාරු වැඩසටහන් පැවැත්වීම, අධ්‍යාපනයේ තාක්ෂණික, වෘත්තීය පුහුණු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ක්ෂේත්‍රයට අදාල පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, ගුරු අධ්‍යාපනයට අදාළ ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු පුහුණු මධ්‍යස්ථානවල අදාල තාක්ෂණික ඉගෙනුම් පහසුකම් නැංවීම සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/06/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%8b%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *