අනතුරට පත් ධීවරයෙකුට නාවුක හමුදා සහාය

හමුදා තොරතුරු

බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත් ව සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවුක හමුදාව සහාය වේ.

ඉකුත් ජනවාරි 31 වැනි දා මාගාල්ල ධීවර වරායෙන් පිටත් ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු අනතුරට පත් ව ඇති බවට ගාල්ල පොලීසිය කළ දැනුම් දීමකට අනුව නාවුක හමුදා මූලස්ථානයේ උපදෙස් මත දකුණු නාවුක විධානයට අයත් යාත්‍රාවක් එම ධීවරයා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවන ලදී.

ඒ අනුව, හම්බන්තොට තුඩුවේ සිට නාවුක සැතපුම් 20 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් ව සිටි ධීවරයා ‍හුන් යාත්‍රාව සොයාගැනීමට හැකි වී ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව රෝගියා නිරුපද්‍රිත ව හම්බන්තොටට රැගෙන ආ බව නාවුක හමුදාව කියයි.

නාවුක හමුදා ගිලන් රථයක් මගින් ඔහු හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/06/%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *