ගෝල්ෆේස් කැස්බෑවෝ

පාරිසරික විශේෂ හමුදා තොරතුරු

පසුගිය දවසක කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී කැස්බෑ බිත්තර රැසක් හමුවුණා. ඒවා සොයාගත්තේ නාවුක හමුදාව විසින්. මීට කලින් කවදාවත් මෙම ප්‍රදේශයේ කැස්බෑ බිත්තර හමු වෙලා නෑ. එය කිසිදිනෙක සිදු නොවූ ඉතා විරළ අත්දැකීමක්.

ඊට පස්සේ ශ්‍රී ලංකා නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේ ම සංරක්‍ෂණය කෙරුණා. එහි සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් පෙබරවාරි 05 වැනි දා එම බිත්තර තුළින් කැස්බෑ පැටවුන් රැසක් මේ පරිසරයට පැමිණියා. එසේ පැමිණි කැස්බෑ පැටවුන් 83 දෙනෙක් නාවුක හමුදාධිපතිවරයා විසින් පෙබරවාරි 05 වැනි දා සවස් කාලයේ ගාලුමුවදොර මුහුදු තීරයෙන් මහා සයුරට මුදාහැරියා.

නාවුක හමුදාධිපතිතුමාගේ නීල හරිත පරිසර සංකල්පය යටතේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති පානම, මිරිස්ස සහ වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්‍රිත ව පවත්වාගෙන යනවා. කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර පැටවුන් එළියට පැමිණි පසු මෙලෙස සාගරයට මුදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය සිදුවෙන්නේ නාවුක හමුදාවේ සෘජු අධීක්‍ෂණය යටතේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ආරම්භ කළ නීල හරිත ව්‍යාපෘතිය යටතේ ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම ආරම්භ කර, ඉතා දීර්ඝ කාලයක සිට එක්රැස් ව තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය ඉවත් කරන්නට කටයුතු කෙරුණා. මේ වනවිට ඉතා පිරිසිදු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද ආකර්ෂණය දිනා ගැනීමට හැකි වෙරළ තීරයක් බිහි වුණේ එහි ප්‍රතිඵලයක් අනුවයි.

ඉන් අනතුරුවයි පළමු වතාවට එසේ පිරිසිදු වූ වෙරළ තීරයේ මේ ආකාරයට කැස්බෑ බිත්තර දකින්න ලැබුණේ.

රට වටා බැඳි රන්වැට, දිවයිනේ ආරක්ෂාවෙන් ඔබ්බට රටේ පරිසරය, අලංකාරය, සොබා දහම වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙවන් මෙහෙවරට ශ්‍රී ලංකා නාවුක හමුදාවට මල්මිටක් හිමි විය යුතුමයි!

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/06/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a%e0%b7%86%e0%b7%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b7%91%e0%b7%80%e0%b7%9d/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *