රුහුණු සරසවි අර්බුද නිම වෙන ලකුණු

Uncategorized දේශපාලන

රුහුණ විශ්වවිද්‍යාලයේ පවතින අර්බුදකාරී වාතාවරණය සඳහා රජයෙන‍් විසඳුම් ලබා දී ඇතැයි වාර්තා වේ.

කළමනාකරණ පීඨයේ සිසුන් 09 දෙනෙකුට ජීවිතාන්තය දක්වා පනවා තිබූ පන්ති තහනම් ඉවත්කිරීම පිළිබඳ අදාල සාකච්ඡා පැවති අතර එහි දී එළඹි එකඟතා අනුව පන්ති තහනම් ඉවත් කිරීමට නියමිතයි.

මෙතෙක් සරසවිය තුළ සිදු කළ නවක වදය හා වෙනත් වැරදි වෙනුවෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කළ සිසුන් මින් අනතුරුව ආණ්ඩුවේ නවකවදය නැවැත්වීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට ද අදහස් පළ කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මස මැද පත්වීමට නියමිත නව ශිෂ්‍ය සංගමය නවක වදවිරෝධී ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් කටයුතු කරන බවත් ඊට දේශපාලන අතපෙවීම් සඳහා ඉඩක් නොදෙන බවත් සිසුහු අවධාරණය කළ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/08/%e0%b6%bb%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b6%bb%e0%b7%83%e0%b7%80%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af-%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *