නව එස්ටීඑෆ් අණදෙන නිලධාරියෙක්

පොලීසියෙන්

පොලිස් විශේෂ කාර්යය බලකායට නව අණ දෙන නිලධාරීවරයෙක් පත් කෙරේ.

නව ධුරයට විශේෂ කාර්යය බලකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරි හා ප්‍රජා පොලිස් දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එම්. ඩබ්ලිව්. ජී. එල්. ගුණතිලක මහතා පත් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

හිටපු අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ විශ්‍රාම යාම හේතුවෙන් නව ප්‍රධානියා පත් කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ නියමය පරිදි 2020 පෙබරවාරි 09 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි පත්වීම ක්‍රියාත්මකයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/10/%e0%b6%b1%e0%b7%80-%e0%b6%91%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%93%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%85%e0%b6%ab%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *