විරෝධතාකරුට හිමිකම් නෑ

හමුදා තොරතුරු

වසර 2020 පෙබරවාරි 10 වැනි දා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස දී දුබලතා වැටුප ඉල්ලුම් කරමින් විරෝධතාවක නිරත වූ හමුදා සෙබළා හට අදාල ඉල්ලීම් ලබාදීමේ නීතිමය හිමිකමක් නැතැයි යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

08 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කළ සාමාන්‍ය සෙබළ සුමිත් කුමාර ඒ. පී. ඒ. නමැති ඔහු 2008 අගෝස්තු 15 වැනි දා වව්නියාවේ දී පුද්ගලනාශක බෝම්බයකට හසු ව දකුණු පාදය අහිමි ව, වම් අතට ද බරපතල තුවාල සිදු වූ අයෙකි.

සිද්ධියෙන් අනතුරුව ඔහුට හිමි විය යුතු සියලු දීමනා සහ ගෙවීම් යුද හමුදාව විසින් ගෙවනු ලැබ ඔහු විශ්‍රාම ගැන්වීමට කටයුතු කරමින් සිටිය දී හෙතෙම වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධයක් සම්බන්ධයෙන් වැරදිකරු වී සිර දඬුවම් හා දඩයකට යටත් ව තිබේ.

ඊට අමතර ඔහුට එරෙහි තවත් අපරාධ කිහිපයක් පිළිබඳ පරීක්ෂණ පොලීසිය විසින් සිදු කරන බව යුද හමුදා මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

එබැවින් යුද්ධ හමුදාවේ පවතින නෛතික ප්‍රතිපාදන මත ඔහු යුද හමුදා සේවයෙන් ඉවත් කර ඇති අතර, ඔහුට කිසිදු හිමිකමක් යුද හමුදාවෙන් ලබාගැනීමේ හැකියාවක් නොමැති බව එහි වැඩිදුරටත් සඳහන් ය.

කෙසේවෙතත් ඉදිරි කටයුතු සඳහා යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය අදාල අංශ වෙත යොමු කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/10/%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *