ගුවන් හමුදා සංවත්සරයට චිත්‍ර තරගයක්

රටතොට හමුදා තොරතුරු

ගුවන් සිත්තරා දීපව්‍යප්ත පාසල් චිත්‍ර තරගාවලියට අයදුම්පත් කැඳ වේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන තරගාවලිය 2020 මාර්තු මස 06 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මෙවර 03 වැනි වරටත් පැවැත්වෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විවිධ වයස් කාණ්ඩ යටතේ සංවිධාන කර ඇත.

තරග සඳහා ඉදිරිපත් කරන චිත‍්‍ර අදාල පාසලේ විදුහල්පති හෝ සාමදාන විනිශ්චයවරයෙකු විසින් සහතික කරවා ලියාපදිංචි තැපෑලෙන් හෝ ළඟ ම ඇති ගුවන් හමුදා කදවුර වෙත පැමිණ 2020
පෙබරවාරි මස 26 වැනි දින හෝ ඊට ප‍්‍රථම භාරදිය යුතු වේ.

වැඩි විස්තර දුරකතන අංක 0112422330 මගින් ලබා ගත හැකි ය.

තරග පැවැත්වෙන කාණ්ඩ සහ ත්‍යාග –

1 සිට 5 ශ්‍රේණිය දක්වා 1 ප්‍රථම ත්‍යාගය රු 100,000.00
6 සිට 9 ශ්‍රේණිය දක්වා 2 දෙවැනි ත්‍යාගය රු 50,000.00
10 සිට 13 ශ්‍රේණිය දක්වා 3 තෙවැනි ත්‍යාගය රු 25,000.00
ජයග‍්‍රාහකයින් හට මෙම ත්‍යාගවලට අමතර අභ්‍යන්තර ගුවන් සවාරියක් සඳහා ද සහභාගිවීමේ අවස්ථාව හිමි වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/12/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%a0%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *