නව සන්ධානයට පක්ෂ 03 ක්

දේශපාලන

වත්මන් ආණ්ඩුවට එරෙහි පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම තමන් වෙත පැවරී ඇතැයි නව සන්ධානයේ පක්ෂ නායකයෝ කියති.

එක්සත් ජාතික පක්ෂය හා එක් ව දේශපාලනික කටයුතුවල යෙදීමෙන් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමට තමන්ට හැකි වූ බව ඔවුහු පෙන්වා දෙති.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත්, අදාල සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම්වරයා පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය හා නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පැවරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි එම නායකයින් 11 වැනි දා නිකුත් කළ විශේෂ නිවේදනයක දැක් වේ.

උක්ත කාරණා පිළිබඳ සිය දැඩි අවධානය යොමුකර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ එක් වන බවත්, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බවත් එමගින් අවධාරණය කර ඇත.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් නිවේදනය නිකුත් කර තිබේ.

වත්මන් ආණ්ඩුව පරාජය කර, ශක්තිමත්, ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් බිහි කෙරෙන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බව ද අදාල නායකයෝ ප්‍රතිඥා දෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/12/%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-03-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *