පුද්ගලික අංශයටත් තැපැල් ඡන්ද ඕනෑ..

විශේෂ

තැපැල් ඡන්ද හිමිකම පෞද්ගලික අංශයටත් ලබාදෙන මෙන් කැෆේ සංවිධානය ඉල්ලයි.

මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය අදාල ඉල්ලීම සිදු කර තිබේ.

ජනාධිපතිවරණයකට සාපේක්ෂ ව ගත් කළ මහා මැතිවරණ, පළාත්සභා , සහ ප්‍රදේශීය සභා මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු උනන්දුවක් ජනතාව තුළ පවතින බැවින් අගනුවර හෝ
වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිත පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ආදී පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම්වලට යාමට මැළි කමක් දක්වන බව එම ලිපියේ දැක්වෙයි.

මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික අංශයේ සේවකයින්ට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර සලකා බලමින් ඔවුන් වෙත නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක ය.

එහෙත් ඇතැම් දුර බැහැර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් මුදල් වැය කරමින් පැමිණ යළි එසැණින් ආපසු යාම යනාදී කරුණු බරපතල ගැටළු සහගත තත්වයක් නිර්මාණය කර තිබේ.

ඇතැමුන් ඡන්ද දිනය සහ ඊට පෙර හෝ පසු දින සිය පෞද්ගලික නිවාඩු අයදුම් කර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන අතර මේ නිසා ආයතනික කාර්යක්ෂමතාව ද හීන වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන විශේෂයෙන් පෞද්ගලික රෝහල්, ආරක්ෂක සේවා, හෝටල්, ඇඟලුම් වැනි අංශවල සේවයේ නිරත පෞද්ගලික සේවකයින්ට ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන මෙන් උක්ත ලිපිය මගින් ඉල්ලා ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/12/%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *