හෙද සමීක්ෂණ වැඩමුළුවක්

සෞඛ්‍යය

හෙද නිලධාරීන් වඩාත් හෙද පර්යේෂණ සඳහා යොමු කීරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රථම වරට පැවැත්වූ හෙද සමීක්ෂණ වැඩමුළුව සාර්ථක ව අවසන් වේ.

එය 11 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවති ප්‍රථම හෙද සමික්ෂණ වැඩමුළුව මෙයයි.

මුළු දිවයින ම ආවරණය වන පරිදි හෙද නිලධාරින් 550 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටියගේ උපදෙස් මත හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලීගේ සංවිධානයෙන් දායකත්වයෙන් සංවිධාන කෙරිණි.

ඊට පූර්ණ තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන (පුහුණු), පර්යේෂණ ඒකකය හා කළුබෝවිල ශික්ෂණ රෝහල ය.

මෙම වැඩමුළුවේ දී හෙද නිලධාරීන්ගේ සමීක්ෂණ 50 ක් ඉදිරිපත් කර විශිෂ්ටතාව අනුව සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලද්දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී ඇතුළු හෙද අධ්‍යක්ෂවරු, හෙද විද්‍යාල නියෝජනය කළ නිලධාරීන් සහ හෙද හෙදියන් විශාල පිරිසක් එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/12/%e0%b7%84%e0%b7%99%e0%b6%af-%e0%b7%83%e0%b6%b8%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *