වන නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්න!

උණුසුම්

ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැකගැනීම සම්බන්ධයෙන් සෘජු ව සිය විරෝධතාව දැක්වීම හේතුවෙන් ඇය වෙත තර්ජන එල්ලවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

එබැවින් ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාව සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව අධ්‍යක්ෂිකාව පෙන්වා දේ.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් 12 වැනි දා පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ද ඇයගේ ආරක්ෂාව අනතුරේ පවතින බව පිළිගනිමින් "අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ නැත්තං එයාට ගහනවා " යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනී දේවානි ජයතිලක වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බව ද ඇය පැවසුවා ය.

සිව්දරු මවක් වන දේවානි ජයතිලකගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් බැවින් ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඒ පිළිබඳ ලිඛිත ව ඉල්ලීමක් කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/13/%e0%b7%80%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *