2020 පෙබරවාරි 12 වැනි බදාදා

කැබිනට් තීරණ

වසර 2020 පෙබරවාරි 12 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹි තීරණ

01. සෝමාලියාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය පිණිස පිහිටුවීමට අපේක්ෂිත හිඟ මුදල් පියවීමේ සම ණය සහන පැකේජය සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදීම

02. සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

03. අම්පාර දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය සඳහා ගඩොල් මිල දී ගැනීමට අයදුම්පත් කැඳවීම

04. රාජසන්තක කළ වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය

05. සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගතවීම පිළිබඳ ක්ෂණික ව දැනුම් දීමේ ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවාවක් ක්‍රියාත්මක කිරීම.

06. මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශවීම හා ඊට අනුකූල පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතට සංශෝධන එක්කිරීම

07. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව හා ආරක්ෂාව සඳහා අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගිතාව

08. ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම

09. ප්‍රදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීමට ඉඩම් කොටස් වෙන් කරදීම.

10. විදේශීය සංචාරකයින් සඳහා ගාස්තු අය කිරීමකින් තොර ව වීසා නිකුත් කිරීම දීර්ඝ කිරීම.

11. පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ප්‍රතිස්ථාපනය – උපරි ව්‍යූහය ඉදිකිරීම – අධිවේගී මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ සිට යෝජිත මැනිං වෙළඳ සංකීර්ණය දක්වා ප්‍රවේශ මාර්ගවල අන්තර්සම්බන්ධිත කොටස් සංවර්ධනය

12. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘකිය නියාමනය සහ ඇගයීමට උපදේශන සමාගමක් තෝරාගැනීම සඳහා වන ප්‍රසම්පාදනය

13. ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සපයන 02 වැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන – බස්නාහිර පළාතේ සිවිල් කොන්ත්‍රාත්තු 10 ක් පිරිනැමීම.

14. ඉන්දියානු ණය ආධාර යටතේ කුරුණෑගල – මහව දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමේ යෝජනාව

15. 2019 / 2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහනට අරමුදල් සැපයීම

16. 2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් නොකළ බිල්පත් පියවීමට ප්‍රතිපාදන සලසාගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

17. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් මගින් කැණීම් කර සපයන ඛණිජ වැලි සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීම

18. දිගුකාලීන ව උසස්වීම් නොලද පොලිස් කොස්තාපල් හි සිට පොලිස් පරීක්ෂක තනතුරුවල කාන්තා සහ පිරිමි පොලිස් නිලධාරීන්ට එක් වරක් පමණක් බල පැවැත්වෙන පරිදි උසස්වීම් ලබාදීම.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/13/2020-%e0%b6%b4%e0%b7%99%e0%b6%b6%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-12-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%b6%e0%b6%af%e0%b7%8f%e0%b6%af%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *