CISM සැමරුම් ධාවනය සාර්ථක ව

ක්‍රීඩා හමුදා තොරතුරු

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය – පෙබරවාරි 18 වැනි දා කොළඹ ගාලුමුවදොර දී පැවැත්විණ.

මෙවර එය සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසිනි.

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශ පාඨය පදනම් කරගනිමින් පැවති ධාවන තරගය කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් ආරම්භ වී , ගාලු පාර ඔස්සේ ඉදිරියට ගොස් කොළඹ, ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට වටරවුමෙන් හැරී නැවත ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් නිමාවට පත් විය.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසු නිල නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද ඊට සහභාගි වී සිටිය හ.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වැනි දින ආරම්භ වූ අතර, එය ලෝකයේ පවතින විශාලතම සංවිධානයකි. වර්තමානයේ රටවල් 139 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව 1996 වසරේ එහි සාමාජිකත්වය ලබාගන්නා ලදී. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේ දි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරගාවලි පවත්වන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/18/cism-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%9a-%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *