කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ප්‍රදේශීය හමුදා තොරතුරු

කේරළ ගංජා කිලෝ 3 2/1ක් අත්අඩංගුවට ගැනේ.

නාවුක හමුදාව සහ සුරාබදු ඒකකය එක් ව පෙබරවාරි 19 වැනි දා යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ දී අදාල වැටලීම සිදු කර ඇත.

උතුරු නාවුක විධානයේ නාවුකයින් හා චන්කේනි සුරාබදු ඒකකය, මාර්ගය අසල ප්‍රදේශයක තිබූ සැක කටයුතු පාර්සල් 02 ක් නිරීක්‍ෂණය කර ඇත.

ඒ අනුව, එම පාර්සල් දෙක වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර, එහිදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට‍ ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන චන්කේනි සුරාබදු ඒකකය සිදු කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/20/%e0%b6%9a%e0%b7%9a%e0%b6%bb%e0%b7%85-%e0%b6%9c%e0%b6%82%e0%b6%a2%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9c%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *