පිරිවෙන් ගුරු පත්වීම් අනුමතයි

උණුසුම්

මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටවූ පිරිවෙන් ගුරු පුරප්පාඩු අනුමත කෙරේ.

පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් එසේ අත්හිටුවා තිබිණි.

ඉකුත් දා පැවති 184 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්බන්ධ ව වූ ගුරු යෝජනා අනුමත කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත එම පත්වීම් ලබාදීමට නොහැකි ව තිබිණි.

කෙසේ වෙතත්, මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස පිරිවෙන් ගුරු පුරප්පාඩු පිරවීම කාලීන අවශ්‍යතාවක් වන බැවින්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළේ ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරියේ දී ඉතා කඩිනමින් මෙම ගුරු යෝජනාවට අදාල පත්වීම් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/20/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *