ගාල්ල, මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් අන්තර්පාසල් මුහුදු පිහිනුම් තරගාවලියක් සංවිධාන කෙරේ.
ඒ සඳහා දායකත්වය ලබා දෙන ලද්දේ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසිනි.
තරගාවලිය 2020 පෙබරවාරි 21 වැනි දා අම්බලන්ගොඩ වෙරළ තීරයේ දී පැවැත්විණ.
ඊට දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 300 ක් පමණ සහභාගි වූ අතර, තරගය සැතපුම් දෙකක (Two Mile) දුරකින් යුක්ත විය.
සිසුන්ගේ ආරක්ෂාව සඳහා ගාල්ල මාදම්ප විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දකුණු නාවුක විධාන ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් පරිදි නාවුක හමුදා ජීවිත ආරක්ෂක නාවිකයින්(4RU) හා මුදවාගැනීමේ යාත්‍රා දෙකක් සහ වෛද්‍ය සහයක නාවුකයින් ද යොදවා තිබිණ.