ගොල්ෆ් ගුවන් හමුදාධිපති කුසලානය සුරේන්ට

ක්‍රීඩා හමුදා තොරතුරු

ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරගාවලිය සාර්ථක ව අවසන් වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංගමය 07 වැනි වරටත් සංවිධාන කළ තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි 22 වැනි දා පැවැත්විණ.

ක්‍රීඩක කී‍්‍රඩිකාවන් 102 දෙනෙකු පමණ සහභාගි වූ තරගාවලියට ඉන්දුනීසියානු තානාපති ගුස්ටි නගුරා ආර්ඩියස් හා මියන්මාර තානාපති හැන් තු සහභාගිවීම සුවිශේෂි අවස්ථාවක් බව ගුවන් හමුදාව කියයි.

ගුවන් හමුදාධිපති අභියෝගතා තරගාවලියේ පිරිමි සූරතාව ලකුණු 40 ක් ලබා ගත් සුරේන් පේ‍්‍රමතිලක හිමි කරගත් අතර, කාන්තා සූරතාව ලකුණු 36 ක් ලබා ගත් නිලු ජයතිලකට හිමි විය.

2020 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලාන තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට කුසලාන ප‍්‍රදානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප‍්‍රභාවි ඩයස්, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රසන්න රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/24/%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b7%86%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *