නාවුක හමුදාවට විශිෂ්ට ගොල්ෆ් ජයක්

ක්‍රීඩා හමුදා තොරතුරු

නාවුක හමුදා ගොල්ෆ් ක්‍රීඩකයෝ විශිෂ්ට දක්ෂතා දක්වති.

ඒ, ඉකුත් පෙබරවාරි 22 වැනි දා ත්‍රිකුණාමලය, චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ දී ය.

තරගාවලියේ දී ආරක්‍ෂක අංශ කාණ්ඩයේ වැඩි ම ලකුණු ප්‍රමාණය වන ලකුණු 35ක් ලබා ගත් ලුතිනන් කොමාන්ඩර් හර්ෂ උඩවත්ත එහි සූරතාව සහ දිගුදුර පහරදීමේ සූරතාව ද දිනා ගත්තේ ය.

2018 වර්ෂයේ දී මෙම තරගාවලියේ සූරතාව දිනාගත්තේ ඔහු විසිනි.

දෙවැනි ස්ථානය ලුතිනන් කොමාන්ඩර් රුවන් රත්නායක විසින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය එදින ම සවස චීනවරාය ගුවන් හමුදා කඳවුරෙහි ක්ලබ් හවුස් ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හි පවත්වන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහභාගී විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/25/%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *