සුවසේවා සංගමය 26 වැනි දා විරෝධතාවක

රටතොට

එකඟ වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඉල්ලීම් ලබා නොදීමට එරෙහි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹීමට සමස්තලංකා සුවසේවා සංගමය සැරසේ.

සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට බලපාන ගැටළු සඳහා විසදුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධරයින් එකඟත්වය පළ කල ද අදාල එකඟතා ක‍්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බව සංගමය 25 වැනි දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාල එකඟතා වහා ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට බල කරන විරෝධතා උද්ඝෝෂණයක් පෙබරවාරි 26 වැනි දා දහවල් 12 ට කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය අසල දී පැවැත්වීමට සංගමය තීරණය කර ඇත.

ඒ අනුව පොරොන්දු වූ එකඟතාවන්ගෙන් 2020 පෙබරවාරි මස වනවිට ලබාදිය යුතු,
01. ආදේශක කාර්යය මණ්ඩලය ස්ථිර කිරීම
02. දින පහේ සතිය ක‍්‍රියාත්මක කිරීම
03. නිල ඇඳුම් දීමනාව වන රු 12,000 වහා ලබාදීමට බලකිරීම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එම එකඟතා වහා ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට හා සෞඛ්‍ය ලේකම්වරියට ඉල්ලීම් ඉදිරිපත් කළ ද ඊට ඔවුන්ගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත.

ඒ අනුව ශ‍්‍රී ලංකා ජාතික රෝහල අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විරෝධතා පා ගමනක් සහ අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/02/25/%e0%b7%84%e0%b7%99%e0%b6%af-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b6%ba-26-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b6%ad%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *