වාර්ෂික මුහුදු පිහිනුම් තරගාවලිය ගල්කිස්සේ දී..

ක්‍රීඩා

ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමය විසින් 83 වැනි වරට සංවිධාන කළ මුහුදු පිහිනුම් තරගාවලිය පෙබරවාරි 29 සහ මාර්තු 01 වැනි දා ගල්කිස්ස මුහුදු තීරයේ දී පැවැත්විණ.

සැතපුම් 02 කින් සමන්විත තරගාවලියට පාසල් ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රීඩා සමාජ සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූ හ.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ජීවිත ආරක්ෂක නාවුකයින් (4RU) හා මුදවාගැනීමේ යාත්‍රා, මෙන් ම වෛද්‍ය සහයක නාවුකයින් ද යෙදවීමට කටයුතු කරන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ය.

නාවුක හමුදාව නියෝජනය කළ ඉංජිනේරු කාර්මික (නැව් කාර්මික) ජීඑස්එන් පෙරේරා විවෘත අංශයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/02/%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *