නීතිය නොතැකූ 20 ක් අත්අඩංගුවට

හමුදා තොරතුරු

කොරෝනා වෛරසය මැඩලීමට රජය ගෙන යනු ලබන වැඩසටහනට අවනත නොවූ පුද්ගලයින් 20 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනේ.

අදාල වැඩපිළිවෙල යටතේ මාර්තු 19 වැනි දා පස්වරු 02.30 සිට පුත්තලම සහ මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක එය කඩකරමින් හැසිරුණු පිරිසක් එසේ අත්අඩංගුවට පත් වූ හ.

රට තුළ ව්‍යසනකාරී තත්ත්වයක් පවතිද්දී එය පාලනයට සහාය දෙනු වෙනුවට පුරවැසියෙකු ලෙස තම වගකීම් පැහැර හරිමින්, රටේ සෙසු පුද්ගලයින්ගේ ද ජීවිත අවදානමට ලක්කරමින් හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් රජය දැඩි ව නීතිය ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව, පොලිස් ඇදිරි නීති තත්ත්වය නොතකා පුත්තලම ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත නාවුක හමුදාව මාර්තු මස 19 වැනි දා මෙහෙයුමක් දියත් කරමින් යාත්‍රා මගින් මන්නාරම වෙත පිටත්වීමට සූදානමින් සිටි පහත පුද්ගලයින් බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේ දී සිය භාරයට ගන්නා ලදී.

1. ඩබ්. එස්. ප්‍රනාන්දු – හලාවත (වයස අවුරුදු 34)

2. ඩබ්.එම්. එස්ත එන්ත ප්‍රනාන්දු – හලාවත (වයස අවුරුදු 32)

3. ඩබ්. එන්. පුනාන්දු – හලාවත (වයස අවුරුදු 25)

4. අයි.පී. නවාස් – හලාවත (වයස අවුරුදු 24)

5. එස්.එස්. ජයවර්ධන – හලාවත (වයස අවුරුදු 63)

6. ඒ.එස්. ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 28)

7. ඩබ්. සී. ඩී. ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 22)

8. එම්. බී. එම්. රුක්‍ෂානා – කල්පිටිය (වයස අවුරුදු 18)

9. එම්. බී. එම්. වී. අල්මේදා- කල්පිටිය (වයස අවුරුදු 16)

10. එම්. බී. එම්. එම්. ලෙසින්ත – කල්පිටිය (වයස අවුරුදු 20)

11. ඒ. කේ. ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 21)

12. එන්. ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 43)

13. එම්. බී. අල්මේදා – කල්පිටිය (වයස අවුරුදු 42)

14. නිම්ලට් ශ්‍යාමලී කෲස් – හලාවත ( වයස අවුරුදු 46)

15. සුදාරි විස්නිකා දබරේරා – හලාවත ( වයස අවුරුදු 22)

16. එස්. මරිය ප්‍රසන්ති කෲස් – හලාවත ( වයස අවුරුදු 26)

17. කිස්ටින් ජූඩ් සෙල්වරාජ් කෲස් – හලාවත ( වයස අවුරුදු 52)

18. ඩබ්. අමීෂා හර්ෂනී – හලාවත (වයස අවුරුදු 09)

19. ඩබ්. රේගියා ෂෙවානි – හලාවත (වයස අවුරුදු 04)

20. ඩබ්. ෂනුදි ෂෙහාරා – හලාවත (මාස 06)

මෙම පුද්ගලයින් අතර, කාන්තාවන් 03 ක් සහ කුඩා දැරියන් 03 දෙනෙක් ද සිටින අතර එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාර කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/20/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%90%e0%b6%9a%e0%b7%96-20-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *