ඉදිරියට ඇඳිරි නීති තත්ත්වය

උණුසුම්

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

1- කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බල පැවැත් වේ.

2- පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 වැනි සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදින ම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

3- සෙසු දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට 26 වැනි දා බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

* දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.

* විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

* ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

* මාධ්‍ය සේවා සඳහා මෙන් ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

* ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොල හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.

* කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත් ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/25/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *