ජනපති ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරයි.

දේශපාලන

කොවිඩ්-19 තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක මුල්‍ය
ආයතනවලින් ඉල්ලයි.

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍ය ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ඔහු එසේ ඉල්ලා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය 25 වැනි දා නිවේදනය කළේ ය.

බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් හෙතෙම ලෝක සෞඛ්‍ය
සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/25/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *