මුද්‍රණ සේවකයින් 700 කට පඩි නෑ..

අඬහැරය

පාදුක්ක,වටරැක රජයේ ප්‍රධාන මුද්‍රණ සංස්ථාවේ සේවකයන් 700 කට පමණ මාර්තු මාසයේ සිට මේ දක්වා වැටුප් හා අති කාල මෙන්ම විශේෂ දීමනා කිසිවක් මාස ගණනාවක සිට නොගෙවීම නිසා සේවකයෝ ඉතා බරපතල අපහසුතාවයකට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් බලධාරින් හට කොතරම් පැවසුවද කිසිවෙක් මේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් වගකීමක් දරන්නේ නැති බව අප කල විමසුමක දී රජයේ මුද්‍රණ සංස්ථාවේ සේවකයෝ පැවසූ හ.

රජයේ ප්‍රධාන මුද්‍රණ සංස්ථාවේ සභාපතිවරයා ද කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව මේ ප්‍රශ්නය හමුවේ නිද්‍රාශිලී ආකාරයට කටයුතු කරන බව ද සේවකයෝ බවසති.

එජාප සම්බන්ධ වෘත්තිය සමිතියේ නායක එස්.ඒ ඉන්දික 0714491658 හෝ පොහොට්ටුවට සම්බන්ධ වෘත්තිය සමිති නායක වී.ටී සුසන්ත 0717537491 මේ සම්බන්ධයෙන් ගන්නා වු තිරණ සම්බන්ධයෙන් කිසිවක් නොකියා ඉදිරියේ දී වැටුප් දිමනා ලබාදෙන්නට කටයුතු කරන බව පවසමින් දුරකථන විසන්ධි කර සේවකයන්ගේ අයිතිවාසිකම් පාලකයන් ඉදිරියේ පාවා දි ඇති බැව් සේවකයෝ පවසති.

මේ නිසා කොරෝනා ව්‍යවසනය හමුවේ අත්‍යවශ්‍ය බඩු පවා මිල දී ගන්නට සේවකයන්ට නොහැකි වීම නිසා රජයේ ප්‍රධාන මුද්‍රණ සංස්ථාවේ සේවය කරන 700ක් පමණ පිරිසගේ පවුල් වල පිරිස් ද ඉතා බරබතල තත්ත්වයකට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් ඉක්මන් විසදුමක් ලබානොදෙන්නේ නම් මහා වැඩ වර්ජනයකට ගමන් කිරීමට සේවකයන් තිරණය කර ඇතැයි, අපට අදහස් දැක්ව එහි සේවයේ නියුතු සේවකයෝ පැවසූ හ.

– සේවකයෙක්

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/25/%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-700-%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b6%a9%e0%b7%92-%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *