සතොස භාණ්ඩ බෙදීමට නාවුකයින්ගේ සහාය

රටතොට හමුදා තොරතුරු

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවුක හමුදාව දායක වේ. දී

නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින ඇඳිරිනීති වාතාවරණය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොර ව මහජනතාව අතර බෙදාහැරීම සඳහා රජය විසින් මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතී.

එම භාණ්ඩ එක්රැස් කර බෙදාහරින එ‍‍ඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවුක හමුදාව මාර්තු 25 වැනි දා සිය දායකත්වය ලබා දුන්නේ ය.

මෙම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවුක පිරිස් හට එම කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් බව නාවුක හමුදා මාධ්‍ය ඒකකය කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/25/%e0%b7%83%e0%b6%ad%e0%b7%9c%e0%b7%83-%e0%b6%b7%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *