අනියම් මනුෂ්‍ය ඝාතනයෙන් වළකින්න!

පොලීසියෙන්

වැඩ බලන පොලිස්පතිවරයා විසින් මාර්තු 31 වැනි දා කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රිියාත්මක කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එහි දී කොළඹ නගරයට පිවිසෙන ස්ථාන 16 ක් ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පොලිස් මාර්ග බාධක යෙදූ බව ඔහු පෙන්වා දේ.

කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස අත්‍යවශ්‍ය සේවා සඳහා එහි පැමිණෙන්නන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරවීම එහි අරමුණ බව කොරෝනා ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ එදින පැවති මාධ්‍ය හමුව අමතමින් හෙතෙම පැවසී ය.

යම් කොරෝනා ආසාදිතයෙක් කොළඹ නගරයට ඇතුළු වේනම්, එය පාලනය පිණිස කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවල පිහිටි පොලිස් මාර්ග බාධක වෙත තම ජාතික හැඳුනුම්පත හෝ ඇඳිරි නීති බලපත්‍රය ඉදිරිපත් කරමින් සහාය දක්වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇඳිරි නීති බලපත් ලබාගත් පුද්ගලයින් එහි දක්වා ඇති මාර්ගයේ පමණක් ගමන් කළ යුතු අතර එසේ නොවන්නන් හට එරෙහි තදින් නීතිය ක්‍රියාත්මක කෙරේ.

නීතිඥයින් ඇඳිරි නීති සමයේ සිය රාජකාරි සඳහා ගමන් ගැනීමේ දී අධිකරණ සේවා කොමිසම ලබා දුන් දිනවල පමණක් ගමන් කළ යුතු අතර, සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් එසේ කටයුතු කළ හැකි ය. සිය නිල ඇඳුමින් රාජකාරි උසාවිය වෙත පැමිණෙන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිතනම්, වහා ම අදාල පොලිස්ථානයට දන්වනු මිස, පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ නොකරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එය සිතාමතා කරන ද්වේෂසහගත ක්‍රිියාවක් හෝ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි බැවින් එසේ කටයුතු නොකරන ලෙසත්, ඊට පටහැනි ව ක්‍රියා කරන්නන් අත්අඩංගුවට ගැනීමට, නිවෙස් මුද්‍රා තබා දේපල රාජසන්තක කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

මේ අතර, ඇඳිරි නීති බලපත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති අතර, ඇඳිරි නීති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන්ට සහාය දීම එහි අරමුණ බව හෙතෙම ප්‍රකාශ කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/31/%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *