ඇඳිරි නීතියට එරෙහි වන්නන්ට නීතිය තදින් ම

උණුසුම් පොලීසියෙන්

ඇඳිරි නීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බවට පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

මාර්තු 31 වැනි දා දහවල් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව දන්වා ඇත.

සිය සේවා හැඳුනුම්පත ඇඳිරිනීති බලපතක් ලෙස භාවිත කිරීමට අවසර ලද පුද්ගලයින් හා අදාල වාහන හැර කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙකු මහමග හෝ අතුරුමාර්ගවල ගමන් කිරීම සපුරා තහනම් වේ.

එවන් පුද්ගලයින් සහ වාහන වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගෙන නිරෝධායන රෙගුලාසි සහ අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නියමිතයි.

එහි දී වැරදිකරුවන් වුවහොත් සිර දඬුවමකට සහ දඩයකට යටත් වීමට සිදු වේ.

ඊට අමතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමුවට ඉදිරිපත් කර වාර්තා ලබාගැනිමට කටයුතු කරන බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අදාල වාහන පොලිස් භාරයට ගෙන වසංගත තත්ත්වය පහ ව යනතුරු රඳවාගැනීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/03/31/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *