ආසාදිතයින් ගණන 653 ක්

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළ යයි. අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ නව ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ ය. ඔවුන් සියලු දෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරවෝ වෙති.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාඳුනන අය දුටුවොත් දැනුම් දෙන්න!

නාඳුනනා කිසිවෙකුට හෝ නවාතැන් දීම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි. කිසිවෙකුට ඇඳිරිනීති සමයේ නිවසින් බැහැරවිය නොහැකි වන අතර, එසේ නාඳුනන අයෙකු දුටුවහොත් හෝ නවාතැන් දී ඇතොත් එය නිරෝධායන නීතිය සහ අපරාධ නීතිය බරපතල වරදක් බව ඔහු පෙන්වා දේ යම් අයෙකු එසේ පැමිණියහොත් හෝ පැමිණ සිටිනු දුටුවහොත් වහා ම අදාල පොලිස්ථානයට දන්වන මෙන් මාධ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීන සහාය තවදුරටත්

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහායවීමට සූදානම් බව චීනය පවසයි. “ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගුකාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”,යැයි ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු ප්‍රකාශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තැපෑල සාමාන්‍ය සේවා ඇරඹීමේ සූදානමින්

දිවයින පුරා තැපැල් කාර්යාල සාමාන්‍ය සේවා සඳහා විවෘත කෙරේ. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි මස 04 වැනි දා සිට සාමාන්‍ය රාජකාරි සඳහා සිය පද්ධතිය සම්පූර්ණයෙන් විවෘත කෙරෙන බවයි. ඒ අනුව මැයි මසට අදාල මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද, ජල, විදුලි,දුරකතන බිල්පත් ගෙවීම ද, දේශීය විද්‍යුත් මුදල් හුවමාරුව, දේශීය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තුව කැඳවන්න! – මංගලගෙන් ලිපියක්

රට හමුවේ ඇති අර්බුද සහ අප්‍රේල් 30 වැනි දායින් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූල ව විසඳීමට නැවත පාර්ලිමේන්තුව කැඳවන්නැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. ජනාධිපතිවරයා වෙත වෙත ලිපියක් යවමින් අප්‍රේල් 29 වැනි දා ඔහු ඒ බව දන්වා තිබේ. මෙම තීරණාත්මක අවස්ථාවේ රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කථිකාචාර්යවරයා නිමවූ ඉන්හේලර් නාවුක හමුදාවට..

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර නිර්මාණය කළ ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍නාවුක හමුදාවට පරිත්‍යාග කෙරේ. නාවුක හමුදාව කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්ත වීම පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වමින් අදාල ප්‍රතිකාර උපකරණ අප්‍රේල් 29 වැනි දා නාවුක හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී පරිත්‍යාග කෙරිණ. කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා නාවුක හමුදාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

30 වැනි දා සිට දිවයිනට ම ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන අවදානම් දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්වලට ද ඇඳිරි නීතිය පැනවේ. ඒ අප්‍රේල් 30 වැනි දා රාත්‍රී 08.00 සිට මැයි 04 වැනි සඳුඳා අළුයම 05.00 දක්වා ය. අවදානම් දිස්ත්‍රික්වල මේ වනවිටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) මොහාන් සමරනායක 29 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය. ඒ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාසල් නිරෝධායනයට ගන්නේ නෑ!

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන බවට පල වන වාර්තා පදනම් විරහිත බව ආරක්ෂක ලේකම්වරයා කියයි. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ය. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ පාසල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉක්මණින් නිරෝගී සාමාජිකයින් සේවයට එවනවා!

නාවුක හමුදා සාමාජිකයින් මගින් කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමට මේ වනවිට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා කියයි. ඒ සඳහා නිවාඩු මත සිටි සාමාජිකයින් කඳවුරු කරා ගෙන්වාගෙන ඇති අතර, ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමත්, හුදෙකලා කිරීමත්, නිරෝධායනයත් මනා කළමනාකරණයෙන් සිදු කර අවසන් බව හෙතෙම පැවසී ය. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාව කොන් කරන්න එපා!

නාවුක හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමාජයෙන් කොන් නොකරන්නැයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න ජනතාවගෙන් ඉල්ලා සිටී. නාවුක හමුදා සාමාජිකයින් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූයේ සෞඛ්‍ය අංශ සමග එක් ව කොරෝනා මර්දන මෙහෙයුමට ඍජු ව දායක වූ නිසාවෙන් බව හෙතෙම පෙන්වා දේ. ආසාදිතයින් වෙසෙන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහභාගිවීමේ දී අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න