ඇඳිරි නීති බලපත් නව ක්‍රමයකට

පොලීසියෙන්

කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යප්තිය නතරකිරීමේ අරමුණින්, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය වරින් වර ඇඳිරි නීතිය පනවයි.

එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබාගැනීම සඳහා විශාල පිරිසක් පොලිස් ස්ථාන වෙත පැමිණීම කොරෝනා මර්දන
වැඩසටහන්වලට බලවත් බාධාවකි.

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඇඳිරි නීති
බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ.

ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04 කට සිදු කෙරේ.

ඒ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගිනි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි.

බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරී නීති බලපත් නිකුත් කිරිම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.

බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50 ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් සිදු කෙරේ.

ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10 ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආයතනවලට ඇඳිරී නීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.

පොලිස් බල ප්‍රදේශයක ඇති, සේවක සංඛ්‍යාව 10 ට අඩු, ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ.

එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට අවසර ඇත.

ඇඳිරී නීති බලපත්‍ අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කලින් තීරණය කළ යුතු බව වැඩ බලන පොලිස්පතිවරයා අදාල ආයතන වෙත දැනුම් දේ.

අයදුම්පත් යොමු කළ යුත්තේ අතිශය සාධාරණ හේතු මත පමණි.

ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා රජයේ අධිකාරි ඇතුළු ආයතනවල සේවකයින්ට සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපතක් සේ භාවිත කිරීමට හැකි ය.

එහෙත් එය අවභාවිත කරන්නන්ට එරෙහි තදින් නීතිය ක්‍රියාත්මක කරන මෙන් වැඩ බලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk යන වෙබ් අඩවියෙන් හෝ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවලින් ලබාගත හැකි ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/07/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *