ඇඳිරි නීති බලපත් ගැන..

පොලීසියෙන්

නව ඇඳිරි නීති බලපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් 30 වැනි දා වනවිට අවසන් වීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ වනතුරු වරාය, නැව් සමාගම්, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුල් සංදේශ, විදුලි හා ජල සැපයුම්, කෘෂිකර්ම, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ සියලු රාජ්‍ය, පුද්ගලික බැංකු, ජනමාධ්‍ය ඇතුළු රාජ්‍ය හා පුද්ගලික අත්‍යවශ්‍ය සේවා සඳහා දැනට ඇඳිරි නීති බලපත්‍රය ලෙස ක්‍රියාත්මක රාජකාරි / සේවා හැඳුනුම්පත අප්‍රේල් 30 වැනි දා දක්වා භාවිත කළ හැකි වේ.

මේ වනවිටත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති බලපත් ලෙස අප්‍රේල් 10 වැනි දා නිකුත් කළ බලපත්වල වලංගු කාලය ද අප්‍රේල් 30 වැනි දා දක්වා දීර්ඝ කර ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/08/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *