ඇඳිරිනීති බලපතත් අරන් නිදන් හාරලා

රටතොට

ඇඳිරි නීති බලපතක් භාවිත කරමින් නිදන් හෑරූ පිරිසක් නාවුක හමුදා භාරයට පත් වේ.

පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එසේ නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට පත් ව ඇත.

රට තුළ පවතින ඇඳිරි නීති වතාවරණය තුළ සූක්‍ෂම අයුරින් සිදු කරන ජාවාරම් මැඩපැවැත්වීමට නාවුක හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටි.

අප්‍රේල් 08 වැනි දා වයඹ නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් සිදු කළ අදාල මෙහෙයුමේ දී ලොරි රථයක් ඇතුළු නිදන් හෑරීම සඳහා යොදාගත් උපකරණ රැසක් ද නාවුක හමුදා භාරයට පත් ව තිබේ.

එතලයි සහ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ත් 55ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් වන පුද්ගලයින්, ලොරි රථය සහ අනෙකුත් නිදන් හෑරීමට යොදා ගත් උපකරණ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු කල්පිටිය පොලීසිය වෙත භාර කර ඇත.

.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/09/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *