ඇඳිරිනීතිය ලිහිල් කළ පසු..

පොලීසියෙන්

රට වෙනුවෙන් ඇඳිරි නීතිය ලිහිල් කළ කාලය තුළ කටයුතු කරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල අවුරුදු උත්සව පැවැත්වීමෙන්, නෑ හිත මිතුරන්ගේ නිවාස වෙත යාමෙන් හා වෙනත් අත්‍යවශ්‍ය නොවන ගමන්වල නිරතවීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න 16 වැනි දා පෙරවරුවේ නිවේදනය කළේ ය.

එසේ ගමන් කිරීමෙන් තමා ද නොදැනුවත් ව කොරෝනා රෝග වාහකයෙකු වීමට ඉඩ ඇතැයි ඔහු පෙන්වා දේ.

ඇඳිරිනීතිය උල්ලංඝණය කරන පිරිස් විශාල සංඛ්‍යාවක් තවමත් වාර්තා වන බවත්, එය කණගාටුවට කරුණක් බවත් හෙතෙම පැවසී ය.

අදාල කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන නිවසට ම වී කටයුතු කිරීමට උත්සාහ ගන්නා මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/16/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b4%e0%b7%83%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *