කොරෝනා අරමුදල ඉහළට

ඔබේ ඉඩකඩ

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි.

ආයතනික ව හා පෞද්ගලික ව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 703 ඉක්මවා ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කරන ලද්දේ මාර්තු මස 23 වැනි දා ය.

ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10 ක් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.5 ක් ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් විසින් 16 වැනි දා දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වන ලදී.
ඊට අමතර එදින ම,
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය -රුපියල් මිලියන 2.5
එස්.ඩී. අමරසිංහ මහතා – රුපියල් මිලියනයක්
Huawei ටෙක්නොලොජීස් ලංකා ප්‍රයිවටි ලිමිටඩ් ආයතනය – රුපියල් මිලියන 1.5 ක් පරිත්‍යාග කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහු ගිණුමට දායක වී සිටිති.

නීත්‍යනුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග,මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර, චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකතන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ අමතා වැඩි විස්තර දැනගත හැකි වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/16/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7-2/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *