කොළඹට නොමිලේ වට්ටක්කා

ප්‍රදේශීය

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සඳහා රජය විසින් ගොවීන්ගෙන් මිල දී ගත් වට්ටක්කා නොමිලේ බෙදා දේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්නගේ උපදෙස් අනුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ක් පුරා වට්ටක්කා ටොන් 150 ක් බෙදාදීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

අදාල කටයුතු 16 වැනි දා ආරම්භ වූ අතර, කෝට්ටේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කිලෝග්‍රෑම් 17,000 ක් ද, කොලොන්නාව ප්‍රදේශයට කිලෝග්‍රෑම් 14,500 ක් ද මේ වනවිට බෙදාදෙමින් පවතී.

වට්ටක්කා මිල දී ගැනීම සඳහා රජයෙන් රුපියල් මිලියන 20 ක් වෙන් කර ඇති අතර, ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 40 බැගිනි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/16/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9%e0%b6%a7-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b7%80%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *