අනවසර හක්බෙල්ලන් තොගයක් අත්අඩංගුවට

ප්‍රදේශීය

බලපත්‍ර රහිත ව හක්බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

ශ්‍රී ලංකා නාවුක හමුදාව, මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක් ව අප්‍රේල් 16 වැනි දා මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට පත් ව ඇත.

උතුරු මැද නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් සිදු කළ පරීක්‍ෂාවක දී ධීවර වාඩියක් තුළ සඟවා තිබූ හක්බෙල්ලන් 460 ක් පමණ සොයාගන්නා ලදී.

සැකකරුවෙක් වයස අවුරුදු 40 ක් වන මන්නාරම‍, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තහවුරු වී තිබේ.

හක් බෙල්ලන් තොගය සහ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් සිදු කෙරේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/17/%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b7%84%e0%b6%9a%e0%b7%8a%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *