තවත් පිරිසක නිරෝධායනය අවසන්

ප්‍රදේශීය හමුදා තොරතුරු

නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 09 දෙනෙකු බූස්ස නාවුක හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට ව යති.

ඒ අප්‍රේල් 18 වැනි දා ය.

සාර්ථක ව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ඔවුන් ශ්‍රී ලාංකිකයින් වන අතර, පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කරන ලදී.

නිරෝධායනය සාර්ථක ව අවසන් කළ බවට ලබා ‍‍දෙන සහතික පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා නාවුක නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරියා විසිනි.

මේ වනවිට මෙම මධ්‍යස්ථානයෙන් 77 දෙනෙකු නිරෝධායනය නිමවා පිටත් ව ගොස් ඇති අතර, තවදුරටත් ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු එහි වෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/18/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *