නිරෝධායනයට 06 දෙනෙක්

ප්‍රදේශීය හමුදා තොරතුරු

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ තවත් පුද්ගලයින් 06 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ඔවුහු ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාළිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

කොරෝනා වෛරසය ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා දියත් කළ නාවුක හමුදා බුද්ධි මෙහෙයුම් මගින් අප්‍රේල් 18 වැනි දා ඔවුන් හඳුනාගෙන ඇත.

එලෙස හදුනාගත් මෙම පිරිස ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණකට ලක් කිරීමෙන් අනතුරුව වැලිසර ළය රෝහලෙහි ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව නාවුක හමුදාව කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/18/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-06-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *