දියේ ගිලෙමින් සිටි අයෙකුගේ දිවි රැකේ.

ප්‍රදේශීය

කැළණි ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවුක හමුදාව විසින් බේරා ගැනේ.

ඔහු පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ග‍‍ඟේ දියේ ගිලෙමින් සිටි බව නාවුක හමුදාව කියයි.

කාකතිවු දූපතෙහි ස්ථාපිත නාවුක අණුඛණ්ඩයෙහි නාවුක පුද්ගලයින් පිරිසක් කැළණි ග‍‍ඟේ මුර සංචාරයක නිරත වෙමින් සිටිය දී පෑලියගොඩ නව කැළණි පාලම අසල ප්‍රදේශයේ පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටින ආකාරය දැක වහා ක්‍රියාත්මක වී ඔහු නිරුපද්‍රිත ව බේරා ගත් හ.

මෙලෙස බේරාගත් පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු වන අතර, පසුව ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් වෙත භාර දී තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/19/%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%99%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%85%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *