චතුරගෙන් ප්‍රජා සේවාවක්

ප්‍රදේශීය

කොරෝනාවෙන් අසරණ වූ දෙවිනුවර ජනතාවට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති සහනාධාර පිරිනමයි.

එදිනෙදා රැකියා මගින් දිවි සරිකරගන්නා ජනතාව බොහොමයක් මාසයක පමණ කාලයක තිස්සේ දැඩි අපහසුතාවන්ට පත් ව සිටින අතර, රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට ක්‍රියාකරමින් තිබුණ ද එය ද ප්‍රදේශ රැසක දේශපාලනීකරණයව ඇති බවට චෝදනා පවතී.

එවන් පසුබිමක් තුළ රජය මගින් ලබාදෙනු ලබන එම දීමනාව සඳහා සුදුසුකම් නොලැබූ මාතර, දෙවිනුවර ආසනයේ පවුල් 6000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා එළවලු මල්ල බැගින් නොමිලයේ ලබාදීමට මාතර දේශපාලඥයෙක් ඉදිරිපත් ව තිබේ.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායකවරයා වන අතර තම ආසනයේ ජනතාව සඳහා මෙලෙස සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදය යොදාගනිමින් එළවළු මලු 6000 කට ආසන්න ප්‍රමාණයක් සකසා ලොරි රථ මගින් එම ජනතාවගේ නිවාස වෙත බෙදා දී ඇතැයි වාර්තා වේ.

දෙවිනුවර ආසනය තුල ධීවර ප්‍රජාව සහ දෛනික ආදායම් ලබන බොහෝ ජනතාවක් ජීවත් වෙති.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2020/04/20/%e0%b6%a0%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *